කොමිස් ගන්න බැරිනිසා සුනිත්‍ය බලශක්තියට වි.බ.ම. කැමති නැහැ – රනිල් වික්‍රමසිංහ
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ඉංජිනේරුවන්ට අවශ්‍ය වන්නේ ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්නට බව කී ජනාධිපතිවරයා ඒවායින් කොමිස් ලැබෙන බවද සඳහන් කළේය.
ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
