‘අමු’ සින්දු මෙතරම් හිට් වුනේ ඇයි?
(විදර්ශන කන්නන්ගර)
අද ගොඩක් දෙනා මුමුණන සංජිව් ලෝන්ලියෙස් ගේ ‘අමු’ සින්දු මෙතරම් හිට් වෙන්න හේතු වුණු රෙසපිය අමුතු කලවමකි.
ඒ අනුව ලංකාවේ ශ්‍රාවක සමාජයේ විවිධ කාණ්ඩගත නියෝජනයන්ගේ දිවවල් වලට සෙට්වුණු රසයන් තෘප්ත වන ලෙස සංජීව ගුලිය අඹරා ඇත. ‘අමු සින්දු’ කියන නම වුනත් මේ සටකපට ඉවෙන් පත්තු කරපු එකක්.
මිශ්‍රණය මෙහෙමයි.

* පසුගිය දශකයේ පැන නැගි චින්තක ගීතදේව-ෂැගී වර්ගයේ ‘විකල්ප සංගීත’ මාත්තුව
* කපුගේ සිට සමන් ලෙනින් දක්වා පරාසයේ ග්‍රාමීය පුරුෂ කාර හඩ.
* බස් අජියාගේ (අජිත් මුතුකුමාරණ) බීට් එක හා රිද්මය
* බෝධි පූජා ගාථා ගායනා (‘අප මේ මළුවට යනවා එනවා…’)
* අලවතුරේ විජිතවංශ වර්ගයේ කවි බණ

* හන්දිවල ‘වල බහින’ කොල්ලන්ගේ ‘ බොක්ක’ නිරූපණය කිරීම වෙනුවෙන් සංස්කරණය කරගත් බොබ්මාලේ මෝස්තරය හා ජොයින්ට්-සූස්ති ලල් එක
* අන්තරේ ඇතුළු ශිෂ්‍ය සනුහරේ බාටා දෙක, චේ ගවේරා බ්‍රෑන්ඩ් එක හා එහි වීදි විරෝධතා සංස්කෘතිය.
* දාල ගිය කෙල්ලගේ ‘චපලකමට මාට්ටු වීම’ හා දැන් ඒකිව කිච කිරීම වැනි (ස්ත්‍රිය භාණ්ඩකරණය කරන) සරල ගී පද රැල්ලට අතිරේකව නවීන භාෂාලංකාර කිහිපයක් ද (ඊනියා විකල්ප පදමාලා ආභාසයෙන්) වාත්තු කර තිබීම.
* රෙනෝගෙ හිරු හා ප්ලෑෂ් බෑක් මෙගා බ්ලාස්ට් සොමිය
( ‘හිරුට පණ වගේ ආදරෙයි’ කියල සංජිව ඊයේ පෙරේදා සංගීතෙක දෙදරන්න කෑගහල තිබුණ)
මේ අනුව ‘මේ පපුව ඇතුළෙ චේ ගුවේරා,ඕෂො,දලයි ලාමා’ කියල ජනප්‍රිය අමු සින්දුවක කියවෙන්නෙ කට කහනවට නොවන බව පැහැදිළි විය යුතුයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

