ලංකාවට එන්න අවසර ඉල්ලූ චීන නැව ගැන ඉන්දියාව කියයි
තවත් චීන පර්යේෂණ නෞකාවක් ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වාදෙන්නේ ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ නම් එම පර්යේෂණ නෞකාව ජනවාරි මස 5 වෙනදා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගරයේ ගවේෂණයක කටයුත්තක නිරත වීමට නියමිත බවය.
අදාළ කාලය තුළ චින නෞකාව ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත අතර ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් මෙන්ම මාලදිවයින් රජයෙන්ද ඉල්ලීම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන ඉන්දීය රජය, සාගර ගවේෂණ කටයුතු සඳහා අදාළ නෞකාවට අවසර ලබාදීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වාදී තිබේ.
චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂී යෑන් සික්ස්’ නෞකාව ද පසුගිය ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණි අතර එම නෞඛාව එම වකවානුවේ මෙරටට පැමිණෙන බව එකළද හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය මුලින්ම ප්‍රකාශ කර තිබිණි.
මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ නෞකාව මෙරටට පැමිණීම සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර චීන රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවය.
චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂී යෑන් සික්ස්’ නෞකාව පැමිණීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජය සිය කනස්සල්ල පළ කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

