පොහොට්ටු රැස්වීමට සෙනග ඇද්දේ වව්චර් දෙන පොරොන්දුව පිට – පුබුදු ජයගොඩ
ශ්‍රී ලංකා පුද්ගල පෙරමුණේ විශේෂ පක්‍ෂ සම්මේලනයට දෙමටගොඩ මාළිගාවත්ත වනාතමුල්ල ආදි ප්‍රදේශවලින් ජනතාව ගෙනවිත් ඇත්තේ වව්චර් දෙන බවට පොරොන්දු වී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
ලබන පාසැල් වාරය ආරම්භ වීමේදී දරුවන්ට පොත් ලබා ගැනීම සඳහා එම වවුචරය ලබාදෙන බවත් එය ලබා දෙන්නේ රැස්වීම ආරම්භයේ සිට අවසානය දක්වාම රැඳී සිටින අයට පමණක් බවත් නිවෙස්වලට පැමිණ දැනුම් දී ඇති බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

