Latestදේශීය

පොහොට්ටු සම්මේලනයේ බැසිල්‌ගේ තර්ජන

මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් පොහොට්ටු පක්ෂයට විරුද්ධව කටයුතු කරන අය පිළිබඳව බලයට පැමිණි පසු බලාගන්නා බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තර්ජනාත්මකව අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය අමතමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් ඔහු තව දුරටත් දැක්වූ අදහස්,

“ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා… අපි බලාගන්නවා…”

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *