Latestවිදේශීය

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර ඇත.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 222 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වී තිබේ.

එමඟින් ගොංෂු පළාතේ සහ කිංග්හායි පළාතේ ගොඩනැගිලි සහ නිවාසවලට දැඩි හානි සිදුවී තිබෙන අතර සුන්බුන් අතර සිරවූ පිරිස් මුදාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *