මැති ඇමතිලාගේ “බඩී” සංස්කෘතියට වැඩ වරදින ලකුණු
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් දේශපාලඥයන්ගේ වංචා දූෂණවල හවුල්කරුවන් වූ රජයේ ඉහළම නිලධාරීන්ට බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන බව සමාජ ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබේ.
මේ දක්වා කිසිදු බයක් සැකක් නොමැතිව දේශපාලකයන්ගේ වංචා දූෂණවල කොටස්කරුවන් බවට පත්ව සිටින නිලධාරීන් ගණනාවක් ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අත්තඩංගුවට ගැනීමෙන් තැති ගැන්මට ලක්ව සිටින බව මේ අතර අනාවරණය වේ. පසුගිය මෛත්‍රි රනිල් හවුල් ආණ්ඩුව සමයේ ජනාධිපති ලේකම්වරයෙකු ද අල්ලස් ගැනීමේදී අත්තඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කරනු ලැබීය.
එහෙත් එම අවස්ථාවේ සිදු වූ හුදකලා සිද්ධියක් ලෙස එය පැවතියද වංචා දූෂණවලට එරෙහි විශාල ජන මතයක් රට තුළ නිර්මාණය වී තිබෙන පසුබිමක සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අත්තඩංගුවට ගැනීම ජනතාවගේ විශේෂ ජයග්රහනයක් බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර මූලිකව වගකිවයුතු දූෂිත දේශපාලඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමේ මහජන අරගලයක් දියත් කළ යුතු බවට මත පළ කෙරෙමින් පවතී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

