යුක්තිය මෙහෙයුම – 2,000කට අධික පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරයිඅත්අඩංගුවට ගත් පිරිසෙන් 185 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 33දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.
මේ අතර තවත් 209 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත.අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්, අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක්, ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 200ක්, මාවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 200ක් සහ මත්පෙති 17,054 ක් ද සොයා ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

