Latestදේශීය

දුෂ්ඨයා නිහඬ කර රෙක්ස් සමුගනී

රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ජ්‍යෙස්ඨ රංගන ශිල්පියෙක් වූ රෙක්ස් කොඩිප්පිලි අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 85 වැනි වියේ පසු වූ ඔහු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට අමරණීය හැඩයක් එක් කළ ඔහු චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයක සිය රංග ප්‍රතිභාව පෙන් වූ අයෙකි.

රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි.

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ කතුරු මුවත් චිත්‍රපටයේ පොකට්කරුවෙක්ගේ සුළු චරිතයකට රෙක්ස් හට ආරාධනා කරන ලදි. එහිදී ඔහු ඉදිරිපත් කළ රංගනයට බොහෝ සතුටට පත් වූ, කේ. ඒ. ඩබ්ලිව් මහතා “රෙක්ස් ඒ සීන් එක අපි අයින් කරන්නම්. ඔයාට හොඳ ගාණකුත් දෙන්නම් චිත්‍රපටයේ මේන් විලන්ට ඔයා රඟපාන්න” කියා පැවසූ තැන් සිට ඔහු එම රංගනයම අවුරුදු හතලිස් පහක් පුරා ගෙන පැමිණියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *