Latestදේශීය

චාමර මියගිය පුවත අසත්‍යයක්

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර විරසිංහ මහතා මියගිය බවට සමාජ ජාල වල වාර්තා පළවෙමින් ඇත.

නමුත් එම වාර්තා සම්පූර්ණ අසත්‍ය බව කළුබෝවිල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

චාමර වීරසිංහට සුව පතා බෙල්ලන්විල විහාරස්ථානයේදී පැවැති බෝධි පූජාවකින් පසු ඒ මහතාගේ බිරිඳ ද සඳහන් කරලේ චාමර වීරසිංහ මේ වන විට සෙමෙන් සුව වෙමින් පවතින බවය. නමුත් ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකය තැබිය යුතු බව වෛද්‍ය මතය බවද ඇය කියා සිටියාය.

කළුබෝවිල ශික්ෂණ රෝහල ඉල්ලා සිටින්නේ චාමර විරසිංහගේ සූව දුක් බැලීම සඳහා රෝහල වෙත පැමිණීමෙන් වළකින ලෙසත් ඔහුගේ සූවදුක් බැලීමට අවසර ඇත්තේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුට පමණක් බවය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *