ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් – මෛත්‍රීපාල සිරිසේන
පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
බිංගිරියේ දී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්රදානය කිරීම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් (23) සිදු කෙරුණි.
අනතුරු ව හිටපු ජනාධිපතිවරයා බතික් නිෂ්පාදනය කරන ස්ථානයක් ද නිරීක්ෂණය කළේය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

