මාතර බන්ධනාගාරයේ උණ රෝගීන් සංඛ්‍යාව වැඩිවෙයි
සිරකරුවන් බැලීම සඳහා අද (24) සහ හෙට (25) විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද මාතර බන්ධනාගාරයේ රැඳවියන් බැලීම සඳහා අවසර ලබාදීමේ කාලය සීමාකිරීමට පියවරගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 08 දෙනෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ අතර ඉන් එක් රෝගියෙකු පසුව ජීවිතක්ෂයට පත්වුණි.
ඒ අනුව මියගිය රැඳවියාගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කෙරුණි.
කෙසේවෙතත් අදාළ රැඳවියා මියගොස් ඇත්තේ මොළයේ උණ තත්ත්වයක් හේතුවෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඒ හේතුවෙන් අද සහ හෙට දිනයේ රැඳවියන් බැලීමේ කටයුතු සීමා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාපටිපාටියේදී විශේෂ සැලකිල්ලක් දැක්වීමට බන්ධනාගාර සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බවද සඳහන් ය.
මේ අතර මාතර බන්ධනාගාරය තුළ උණ සහිත රැඳවියන් කිහිපදෙනෙකු තවදුරටත් රැදී සිටින බව වාර්තා වෙයි.
එම රැඳවියන් ද අද දිනයේ දී වහාම රෝහල් ගතකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

