Latestදේශීය

දේශපාලනයේ හිටපු නැති අයව පරීක්ෂාකර බලන්න යන්න එපා – දයාසිරි ජයසේකර

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එම පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බවත් ඉදිරි අවුරුදු පහ ශක්තිමත්ව රට ගෙනයා හැකි කණ්ඩායමක් සමග සමග ගමනක් යාමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තම සාමාජිකත්වය අත්හිටුවා තිබුණත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බැවින් එම පක්ෂය ගන්නා ඕනෑම තීන්දුවකට මේ මොහොතේ සහයෝගය ලබාදෙන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය.

ආර්ථික මරණමස්ථාන විකුණමින්, ජනතාවට බදු පිට බදු ගසමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙනයන පාලනයට සහයෝගය ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ජයසේකර මහතා එහිදී පැවසීය.

රට බංකළොත්ව ඇති අවස්ථාවක දේශපාලනයේ හිටපු නැති චරිත පරීක්ෂා කිරීමට ඉදිරි ජනාධිපතිවරණය යොදා නොගන්නයි ජනතාවගේ ඉල්ලීමක් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *