Latestවිදේශීය

ඉරානයට එල්ල වූ ප්‍රහාරයෙන් 193  දෙනෙකු ජීවිතක්ෂයට

ඉරානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන්  මේ වනවිට පුද්ගලයින් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  ඇමරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ සිව්වන සැමරුම් උත්සවය පැවති සුසාන භූමිය අසලදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවී ඇති අතර පිපිරීම්වලින් මියගිය පුද්ගලයින්ට අමතරව තවත් 188 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මෙහිදී මෝටර් රථයක අටවා තිබු බෝම්බයක් පළමුව පුපුරා හැර ඇති අතර එම පිපිරීමෙන් මිනිත්තු 20කට පමණ පසුව අනෙක් බෝම්බය පුපුරුවා හැර ඇති බවවිදෙස් මාධ්‍ය දක්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *