යුක්‍රේනයට නේටෝව ප්‍රතිචාර දක්වයි
නේටෝ සංවිධානය සහ යුක්‍රේන බලධාරීන් අතර විශේෂ රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබේ.
නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම විශේෂ රැස්වීම ලබන සතියේ බදාදා දින බොහෝදුරට පැවැත්වෙනු ඇති බවය.
එය තානාපති මට්ටමින් පැවැත්වෙන බවද සඳහන් ය.
යුක්‍රේන සිවිල් වැසියන් සහ එරට නගරවලට මෑත කාලයේ එල්ලවූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුව යුක්‍රේනය සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව කැඳවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

