Latestදේශීය

දේශබන්දුට, ටිරාන් අලස්ට චෝදනා රැසක්

තම හෝටලය කඩා බිඳ දැමුවේ යුක්තිය මෙහෙයුමෙන් නොව තනි පුද්ගලයකුගේ ඉරිසියාවට බවට දෙහිවල සෝල් බීච් හෝටලයේ හිමිකරු මොහොමඩ් රිෆා සඳහන් කරයි.

තමන් කුඩු රජෙක් යැයි කියමින් තමන්ව ඝාතනය කිරීමට වුවමනාවක් ඇති වී තිබෙන බවද හෙතෙම කියා සිටියි.

තම කට වසා දමා තමන් කුඩු රජෙක් යැයි පවසමින් මෙම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු කියා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

යුක්තිය මෙහෙයුම විසින් පසුගියදා මෙම හෝටලය බැකෝ යන්ත්‍රයක් යොදමින් කඩා දමන ලද්දේ අනවසර ඉදිකිරීමක් සහ කුඩු ජාවාරම්කරුවකුගේ මුදලින් ඉදිකරන ලද්දක් බව පවසමිනි.

වැඩ බලන පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතාටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාටත් ඔහු එම සාකච්ඡාවේදී චෝදනා රැසක්ම එල්ල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *