සජබ මුදල් ඇමතිකම සහ හදිසි හෘදයාබාධ ගැන නාලක ගොඩහේවා කියන කතාව
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල සමගි ජන බලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා රැගෙන යාමේ වැරදි ක්‍රියාවලියක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
අද වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එකක් බවත් එම ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි නොකිරීමෙන් සජිත් ප්‍රේමදාස මහතා විශාල වරදක් සිදුකරන බවටත් ගොඩහේවා මහතා කියා සිටියි.
ඉදිරි සමග ජන බලවේග ආණ්ඩුවකට තමාට මුදල් ඇමති දුරය ලැබෙණු ඇතැයි සිතමින් සමගි ජන බලවේගයේ ඇතැමුන්ට හෘදයාබාධ ඇතිවන තත්ත්වයක් පැන නැගී ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමිනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

