EPF අරමුදල කප්පාදුවට තිබුනු හදිස්සිය විදෙස් ණය කප්පාදුවට නැති ආන්ඩුව
මෙරට ආර්ථිකය බංකොලොත් බව ප්‍රකාශ කර විදේශීය ණය කපා හැරීම පිළිබඳව සාකච්ඡා කරන්නේ යැයි මුලින්ම ප්‍රකාශ කළ ද, ඊට අදාළ ක්‍රියාමාර්ග කිසිවක් මේ දක්වාම සාර්ථක කර ගෙන නැති අතර ඉදිරි මාස දෙකක් දක්වා තීරණ ගැනීම කල් තබා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (10) කර තිබෙන ප්‍රකාශයක් අනුව විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඉදිරි මාස දෙක තුළ සිදු කර ගත හැකි වෙතැයි අනුමාන කර ඇත. ආණ්ඩුව මුලින්ම සඳහන් කර තිබුණේ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරන බව ය. එම ප්‍රකාශය කළ අවස්ථාවේදී දේශීය ණය සම්බන්ධයෙන් කිසිදු එවැනි අදහස් දැක්වීමක් සිදු කර නොතිබිණි.
එහෙත් දේශීය ණය “ප්‍රශ්ස්ථකරණය“ යනුවෙන් මහජනතාවට නොතේරෙන වචන යොදා ගනිමින් සේවක අර්ථ සාධක අරමුදල වැනි විශ්‍රාම අරමුදල්වලින් රජය ලබා ගත් ණය පමණක් ණය කපා හැරීමේ කූඨ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලැබීය. පසුගිය වසරේ ජූනි මස අවසානයේදී ඒ සම්බන්ධ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලදී. නමුත් මේ වනවිටත් විදේශ ණය සම්බන්ධයෙන් එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර තවත් මාස දෙකක් කල් ගන්නා බව මහ බැංකු අධිපතිගේ මෙම ප්‍රකාශයෙන් සනාථ වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

