දුම්රිය එන්ජින් දෙකක් බලන්න 65ක් ඉන්දියාවට
ඉන්දියාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට ගෙන ඒමට පෙර ඒවා පරීක්‍ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ හැටපස්දෙනෙකු ඉන්දියාවට යාමට සූදානම් වන බව දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ කියා සිටිති.
දුම්රිය විද්‍යුත්කරණය හේතුවෙන් ඉන්දියාව දැනට භාවිතා කරන ඩීසල් එන්ජින් විස්සක් ලංකාවට පරිත්‍යාග කිරීමට සූදානම් වෙයි.
ඉන් පළමුව ලබාදෙන එන්ජින් දෙක පරීක්ෂා කිරීමට මෙම හැටපස්දෙනා යාමට සූදානම් වෙයි.

දුම්රිය එන්ජින් විස්සක් නොව සීයක් වුවද පරීක්ෂා කිරීමට වුවත් ක්‍ෂේත‍්‍ර හතරෙන් ප්‍රවීණ ඉංජිනේරුවන් හතර දෙනකු පමණක් යාම ප්‍රමාණවත් බවද ඔවුන් පෙන්වා දෙති.
ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන දුම්රිය එන්ජින් ලංකාවට නොමිලේ දෙන්නේ අමතර කොටස් අලෙවි අරමුණු කරගෙන බවද පවසන ඔවුන් ඉන්දීය එන්ජින් නිතර පීලි පනින බවත් කියා සිටිති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

