කුඩු ජාවාරම්කරුවන් ව්‍යාපාරික මුහුණුවරින් රටෙන් පැණයයි
ඩුබායිහි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටින ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් සමඟ එම ජාවාරම්කරුවන් ඩුබාහි අතහැර යුරෝපය ඇතුළට තවත් රටවල් කිහිපයකට පලායමින් සිටින සිටින බවට වාර්තා වී තිබේ.
ජාවාරම්කරුවන් ධනවත් ව්‍යාපාරිකයන් ලෙස වෙස් පෙරලාගෙන ඉතාලිය ප්‍රංශය එංගලන්තය රුමේනියාව වැනි රටවලට පලා යමින් සිටී.
මෙසේ පලායාමට තෝරාගෙන ඇත්තේ පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගත රටවල් මෙන්ම විදේශිකයන් වැඩි වශයෙන් පරීක්ෂාවට ලක් නොවන රටවල්ය.
ඒ අනුව ඩුබායි රජය එරට පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය සමඟ සාකච්ඡා කර මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට විශේෂ මෙහෙයුමක් මේ වන විට රාජ්‍යතාන්තික මට්ටමින් ආරම්භ වී ඇත.
ඒ බව සැල වීමත් සමග ඔවුන් මෙසේ වෙනත් රටවලට පළා යමින් සිටී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

