බුත්තල පොල භූමිය කාන්තාවන්ගෙන් පිරීයයි
ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවත්වන සමුළු මාලාවේ මොණරාගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (13) බුත්තල පොළ භූමියේදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර එයටද අති විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටියහ.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයෙ ජාතික විධායක සභික සරෝජා පෝල්රාජ්, ආර්.එම් ජයවර්ධන, රංගන ශිල්පිනියන් වන දීපානි සිල්වා, නයනී මහේෂිකා, ජාතික ජන බලවේගයෙ ජාතික විධායක සභික රෝහීණී බණ්ඩාර ඇතුළු සමාජ ක්‍රියාකාරිනියන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියන් මෙන්ම වෘත්තීයවේදිනියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

