දුමින්දට දුන් ජනාධිපති සමාව අවලංගුයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් විසින් තවදුරටත් නියෝග කළේ දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමටයි.
මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නිකුත් කරන ලද්දේ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම නීත්‍යානුකූල නොවන බවට අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බලමිනි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු හතර දෙනකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට කොළඹ මහාධිකරණය විසින් 2016 වසරේ සැප්තැම්බර් මස 8 වැනිදා මරණ දඬුවම නියම කරන ලද අතර එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටියේය.
@lanka c news
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

