ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අද තරග බිමට
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තීරණාත්මක තරගය අද (18) පැවැත් වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.00 ට තරගය ආරම්භ වීමට නියමිතව ඇත.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත් අතර දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4කින් ජය ගත්තේ ය.
ඒ අනුව තරගාවලි ජයග්‍රහණයක් සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

