පිස්සු පූසෙකුට කිරුළු පළඳන්න සූදානම්ද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩුවක් පවතින්නට ඉඩහැර සිටින්නේ “පිස්සු පූසා වර්ගයේ” අයෙකු පත්කර ගැනීමට දැයි බලවත් සැකයක් නීති ක්ෂේත්‍රයේ මතුවී තිබේ.
මෙම සැකය සඳහා තව දුරටත් පදනම් වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මේ දක්වා ජනාධිපති ධුරය දැරූ කාලය තුළ නීතිය අවභාවිතා කිරීමට හෝ නොතකා කටයුතු කිරීමට ඉඩහැර තිබීමේ පසුබිම තුළ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයෙකු ලෙස සිටි සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂට පක්ෂග්‍රාහීව තීන්දුවක් දුන් බව ප්‍රසිද්ධියේ පාපොච්චාරණය කරනු ලැබීය. එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති විසින් මූල්‍ය ක්ෂේත්‍රයේ පරිපාලකයෙකු ලෙස සිටි මොහාන් පීරීස් අගවිනිසුරු ලෙස පත්කරනු ලැබීය.
මෙම පූර්වාදර්ශ පවතින තත්වය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයක් සඳහා තවත් එවැනිම ප්‍රශ්නගත පුද්ගලයෙකු පත් කිරීමට සූදානම්ව සිටින්නේ දැයි සාකච්ඡාවක් මතුවී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

