“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හයක පිටපත් තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
“ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක පිටපත්ද තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.
“ශ්‍රී ලංකාවේ කඳුකර වතු ප්‍රජාවේ අභිවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය” ට අනුමතිය ගරු වේලු කුමාර් මහතා සහ තවත් මන්ත්‍රීවරයන් 21 දෙනෙකු විසින් කරන ලද ලිඛිත ඉල්ලීම මත “ශ්‍රී ලංකාවේ කඳුකර වතු ප්‍රජාවේ අභිවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය” (Caucus for the Evolution of Malaiyaga Plantation Community in Sri Lanka) ස්ථාපිත කිරීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එකී කාරක සභාවේ 2024 ජනවාරි 12 දින පැවති රැස්වීමේ දී අනුමත කර ඇති බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

