නයිට්‍රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සලස්වා මරණ දණ්ඩනය ලබාදුන් පළමු රට ඇමරිකාවයි
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ එම මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති සිරකරුට මරණ දඩුවම ලබා දීම සිදුවූයේ නයිට්‍රජන් වායුව ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙනි.
මේ අයුරින්, මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කළ ලොව පළමු අවස්ථාවමෙය වීම විශේෂත්වයකි. ඒ සඳහා විනාඩි 25 ක කාලයක් ගතවූ බව, සිද්ධිය නිරීක්ෂණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පවසා තිබේ.
නයිට්‍රජන් වායුව භාවිතයට ගනිමින් තම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අවස්ථාවේදී, ඊට එරෙහිව යූජීන් ස්මිත් ඇමෙරිකන් ඉහළ අධිකරණ වෙත අභියාචනා ඉදිරිපත් කළේය. කෙසේ නමුත් එය ප්‍රතික්ෂේප විය.
2022 දී විෂ එන්නතක් ලබා දී යූජීන් ස්මිත් ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඇලබාමා බලධාරීන් උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය.
එළිසබෙත් සෙන්නෙත් නමැති කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් 1989 දී ස්මිත් වරදකරු විය.

@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

