Latestදේශීය

අපි බෙදුනොත් ජවිපෙ බලයට එනවා – රාජිත සේනාරත්න

ඉදිරි මැතිවරණයක දී තම පක්ෂය ඇතුළු එකඟ විය හැකි සියලු කණ්ඩායම් එකට එකතුවිය යුතුවී එකඟව කටයුතු කළයුතු බවත් එසේ නොවන්නේනම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය යන බවත් සමගි ජන බලවේග මන්ත්‍රී රාජිත සේනාරත්න අවධාරණය කරයි.

රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර ඇති අතර එහිදී වැඩිදුරටත් ඔහු මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ,

“අපේ පිලේ සියලු කට්ටිය එකතුවිය යුතුයි. නැත්නම් සම්පූර්ණ වාසිය යන්නේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා මේක හුඟාක් ගැඹුරින් අපි අවබෝධ කරගන්නට ඕනේ, අපි කරන්නේ මොකක්ද කියන එක. අපේ පිලේ ඡන්ද කඩන්නේ නැති වැඩපිළිවෙලකට යන්න ඕනේ.

සජිතුත් ඉන්නේ ඒ වගේ මට්ටමක. තාම මෙතන හදිසියක් නැහැනේ. දැන් මේ එකපාරටම ජනවාරි වුණ හැටියේ මහා ඡන්දේ එනවා, ජනාධිපතිවරණය එනවා කිව්වට පස්සේ තමයි ඔක්කොටම කඩි කුලප්පුව හැදුනේ.

2020 දී අපි බෙදුනහම අපිටනේ විශාල ජයග්‍රහණය ආවේ. එක්සත් ජාතික පක්ෂය අපි බවට පත් වුණා. එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ දෙකක් විතර හම්බවුණා. ඊට අමතරව විශාල ඡන්ද සංඛාවක් ආවේ නැහැ ඡන්දය දෙන්න. එතනින් 90% ආවේ නැත්තේ අපේ කට්ටිය.

අපිට අනුර ප්‍රියදර්ශනලා, එතකොට ඔය ලන්සලා, එතකොට ඔය හෙලිකොප්ටර් එකේ ඩලස්ලගේ කට්ටිය, පුළුවන්නම් හරීන්, මනූෂ ඇතුළු කණ්ඩායම වගේ මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ.

මම ජනාධිපතිවරණයේ දී ඉන්නේ සමගි ජන බලවෙගය එක්ක. ඒ පක්ෂයනේ. නමුත්, සජිත්ව ජනාධිපති කරන්නනම් බොරුවට සජිත්ට සජිත්ට කියලා කෑගැහැව්වට එන්නේ නැහැ. අපි පුළුල්ම සන්ධානය හදන්න ඕනේ. අපිට අහිමි නොවෙන, අහිමි නොවිය යුතු ඡන්ද සියල්ලම අපි එකතු කර ගන්න ඕනේ. පුළුවන්නම් රනිල් පවා ගන්න ඕනේ. නැත්තන් රනිල්ගේ පක්ෂයේ අය ගන්න ඕනේ.

ලංකාවේ වාමාංශික පක්ෂයක් කරපු සංගණනයකින් ඒ ගොල්ලෝ කිව්වේ කළුතර දිස්ත්‍රික්කයෙන් එන්නේ මම විතරයි කියලා” යි රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසනවා.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *