ඇවන්ගාඩ් දයා සඳගිරි සජිත් සමග එක්වේ
නීති විරෝධී ලෙස අවි ආයුධ ඇතුළු රජයේ සම්පත් හා නිලධාරීන් භාවිතා කරමින් මුහුදු ආරක්ෂණ සේවයක් පවත්වා ගෙන ගිය ඇවන්ගාඩ් සමාගමේ ඉහළම තනතුරක් දැරූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවික හමුදාපති දයා සඳගිරි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී ඔහුගේ දේශපාලන ගමනට සහයෝගය පළ කරමින් සමගි ජන බලවේගය හා එක් වී තිබේ.

ඔහු තමන් සමග එක් වූ සැනින් ඔහුට සමගි ජන බලවේගයේ ‘සමුද්‍රීය හා නාවික ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු’ ලෙස පත් කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.
පසුගිය 2001 ජනවාරි මස 01 සිට ශ්‍රී ලංකා නාවික හමුදාපති ලෙස පත්වූ ඔහු වසර හතරකුත් මාස අටක් එම තනතුරේ කටයුතු කර විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 2005 සැප්තැම්බර් 01 සිට අද්මිරාල් නිලය සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් පත් කරනු ලැබීය.
පසුව හිටපු නාවික හමුදාපති දයා සඳගිරි, සෝමසිරි දිසානායක සහ ජයනාත් කොළඹගේ යන අද්මිරාල්වරු මෙන්ම හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක සමග නිශ්ශංක සේනාධිපතිගේ දූෂිත ඇවන්ගාඩ් සමාගමේ ඉහළම තනතුරක් දැරීය.
මෑත වසර කිහිපය තුළ විශේෂයෙන් පැවති ගොටාබය රාජපක්ෂ පාලන සමයේ ඇවන්ගාඩ් සමාගමේ පිරිස් යොදවා විපක්ෂයේ දේශපාලන පක්ෂවලට එරෙහිව මැර ක්‍රියාවන්වල යෙදවීමටද කටයුතු කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

