සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිලිකාවට ගොදුරු වෙයි
ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගනී.
ඒ අතරින් ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් කාන්තාවන් අතර බහුලව වාර්තා වන්නේ පියයුරු පිළිකාව ය. මේ හේතුවෙන් පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ මාසය ලෙස ඔක්තෝම්බර් මාසය නම්කර ඇත.
මේ වෙනුවෙන් සංවිධානය කරන ජාතික සැමරුම් උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) පස්වරුවේ කොළඹ 05 හැව්ලොක් නගර සංකීර්ණයේ දී (Havelock City Mall, Colombo 05) පැවැත්වීමට නියමිතය.
මෙම සැමරුම් උත්සවයට සමගාමීව පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා විශේෂ ප්‍රදර්ශණයක්, පස්වරු 2.00 සිට ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මෙන්ම පස්වරු 4.00 සිට විෂයට අඳාළවන විලාසිතා දැක්මක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඔක්තොම්බර් මාසය පියයුරු පිළිකා පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති හෙයින් එම මාසය රෝස පැහැති මාසය වශයෙන් ද නම්කර ඇත.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන අතර දිනකට තිදෙනෙක් මියයන බවත්, මුල් අවධියේ දී හදුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් සුවකල හැකි බවත්, එම විෂයට අදාළ වෛද්‍ය විශේෂඥයින් මෙන්ම සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි.
වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙසද, වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3 කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටි.
එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට ද, ඒ සදහා සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හදුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන, ශල්‍ය සායන, සදහා යොමු විය හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් මෙරට මහජනතාවට දැනුම් දෙනු ලැබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන මගින් සංවිධානය කරන මෙම වැඩසටහන සදහා කොළඹ විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජය, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් සංවිධාන, රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සහයෝගීතාවය දක්වනු ලබයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

