අනුර ගුජරාට් ඇමතිවරු හමුවෙයි
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට නිල සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස එම සංචාරයේ තෙවන දිනය වන අද (07) ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති බූපෙන්ද්‍රභායි පටෙල් (Bhupendrabhai Patel) සමග ගාන්ධිනගර්හි විදාන සභාවේදී (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) හමුවක් පවත්වා තිබේ.
ප්‍රාන්තය තුළ දිළිදුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.
ඉන් අනතුරුව එම ප්‍රාන්තයේ කර්මාන්ත ඇමති බල්වන්ත්සිං රාජ්පුත් (Balvantsinh Rajput) සමඟද විශේෂ හමුවක් පැවැත්වා තිබේ. ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ‘ගුජරාට් ආදර්ශය’ (Gujarat Model) පිළිබඳ ඉදිරිපත් කිරීමක්ද මෙහිදී සිදු වී ඇත.
බලශක්ති ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මය හා ජලය, යටිතලපහසුකම් වැඩිදියුණු කිරීම, කර්මාන්ත හා ආයෝජන, සෞඛ්‍යාරක්ෂාව සහ කාන්තාවන් බලගැන්වීම මෙම ගුජරාට් සංවර්ධන ආදර්ශයේ ප්‍රධාන අංශ වේ.
අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශයන් හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණ චාරිකාවක්ද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස සිදු කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

