Latestදේශීය

කෙහෙළියට මිනීමැරුම් චෝදනා එල්ලකළ හැකියි – නීතිඥ උපුල් කුමාරපෙරුම

(වේරංග පුෂ්පික)

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ දී ඉදිරිපත් කළ කරුණු අනුව මිනී මැරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.

මෙම ඖෂධ භාවිතයෙන් ජීවිතක්ෂයට පත්වීම් හෝ සංකූලතා හටගෙන ඇත්නම් කෙහෙලිය රඹුක්වැල්ලට මිනී මැරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකි වුවද නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ පොදු දේපළ පනත හා සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා කිහිපයකින් බව කුමාරප්පෙරුම මහතා පැවසුවේය.

අමාත්‍යවරයාව සිටිය දී ප්‍රශ්නගත ගනුදෙනුව සිදු වී ඇත්තේ ඇමතිවරයා දැනුවත්ව නම් ඉන් පැහැදිලි වන්නේ ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කිරීමට චේතනාන්විතව කටයුතු කොට ඇති බවත් එවැනි අවස්ථාවල දී දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මිනී මැරීමේ චෝදනාව යටතේ නඩු පැවරිය හැකි බවත් උපුල් කුමාරප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් මුදල් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පෙබරවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

@අනිද්දා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *