Latestදේශීය

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරි 20 සිට

2023 (2024)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන පෙබරවාරි 20 සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ), ගෘහ ආර්ථික විද්‍යාව (සිංහල, දෙමළ) විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ.

මෙම විෂයයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාල පාසල්වල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයටද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපැල් මගින් යැවීමට කටයුතු කර තිබේ. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස, ප්‍රවේශපත් භාගත කළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *