Latestදේශීය

විජේදාස කලබල වෙයි, ටිරාන් පසුකර ප්‍රකාශයකට සැරසෙයි

මේ වනවිට දැඩි විවේචනයට ලක්වී තිබෙන ඔන්ලයින් පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම මහජන ආරක්ෂක ඇමතිවරයාට පවරා තිබුණ ද, මෙම පනත පිළිබඳව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තාවලින් දැක්වේ.

මෙම සතිය ආරම්භයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගත් යෝජනා අතර ඔන්ලයින් පනත සංශෝධනය කිරීමේ යෝජනාව ප්‍රමුඛත්වයක් ගෙන ඇත. කැබිනට් අනුමැතියක් ලබා ගෙන හදිසියේ ම එය සමිමත කර ගෙන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ කළ ද රට තුළින් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද එල්ල වූ දැඩි විවේචන හමුවේ එය සංශෝධනය කිරීමේ තීරණයක් ගැනීමට සිදුවිය.

මීලඟට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඔන්ලයින් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමති විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වුව ද, නව සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කරන තෙක් මේ වනවිට සම්මත කර ගත් පනත බලාත්මක වන බව අධිකරණ ඇමති වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. මහජන ආරක්ෂක ඇමතිවරයා සිටියදී අධිකරණ ඇමතිවරයා එවැනි විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් ද දැඩි කුතුහලයක් ඇතිවී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *