Latestදේශීය

එජාප කැඳවුම්කරු රවී කරුණානායක

ඉදිරි ජාතික මැතිවරණයක් හමුවේ විවිධ සැලසුම් සකස් කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට පත් කර සිටින තම කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියෙන් (13) නව තනතුරු ගණනාවක් පත් කර ඇති බව අනාවරණය වේ.

මෙයින් ප්‍රමුඛතම තනතුර ලෙස එක්සත් ජාතික පක්ෂයේ කැඳවුම්කරු යනුවෙන් නව තනතුරක් ඇති කර එය රවී කරුණානායකට ලබා දී ඇති බව හෙළි වේ. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වී එහි කැම්පේන් මැනේජර් (Campaign Manager) තනතුර ඇමති හරීන් ප්‍රනාන්දුට නැවත් වරක් ලබා දී තිබේ. කෙසේ වෙතත් එම තනතුර ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරාට ලබා දී ඇති බවට මීට මාසයකට පමණ පෙර ආණ්ඩුවේ සිළුමිණ පුවත්පත වාර්තා කර තිබිණි.

එමෙන්ම ජනාධිපති නීතිඥ මහින්ද හරදාස් මුදල් කටයුතු භාරව මූලික වගකි යුත්තා ලෙසද පත් කර ඇත. එමෙන්ම මේ වනවිට වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කැම්පේන් මැනේජර් ලෙස පත් කර තිබූ බවට සිළුමිණ වාර්තා කර තිබූ රෝලන්ඩ් පෙරේරා සිරිකොත මූලස්ථානයේ සිට සමස්ත කටයුතු මෙහෙයවීමට පත් කර ඇති බවය.

එමෙන්ම සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු සමස්ත ක්‍රියාවලියේම මෙහෙයුම් කරු ලෙස පත් කර තිබෙන අතර මෙම කිසිවකුට හෝ නිල වශයෙන් එම පත්වීම් ලිඛිතව ලබා දී නැති බව වැඩි දුරටත් හෙළි වේ. මේ නිසාම ඕනෑම මොහොතක අදාළ තනතුරු මාරු කිරීමට හෝ නව තනතුර සඳහා පුද්ගලයින් පත් කිරීමේ හැකියාවද සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ වෙත තබාගෙන තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *