Latestදේශීය

කෝටිපතියකු CID අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංක 01හි නිලධාරීන් පිරිසක් විසින් නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පසුගිය 14 වනදායි.

සැකකරු විසින් මීගස්ආර ප්‍රදේශයේ ඉදිකර ඇති වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් ද මෙහිදී එම නිළධාරින් විසින් සිය භාරයට ගෙන ඇත.එසේම ඔහු සන්තකයේ තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක් ද සිය භාරයට ගැනීමට එම නිළධාරින් සමත්ව්‍ ඇත.

පොලීසිය සඳහන් කරන්නේ සැකකරු තණමල්විල ප්‍රදේශයේ කංසා වගා කරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක යෙදී ඇති බවයි.

ඉන් උපයා ගත් මුදලින් පොලිස් භාරයට ගත් දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුට අයත් බව සැලකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *