රජරට පාසැල් දරුවන්ගෙන් 60%කට අක්ෂි දුර්වලතා
(සමන් කේ. ගමගේ)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇස් රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කුෂාණි ගුණරත්න මහත්මිය පැවසුවාය.
මිහින්තලේ මහා විද්‍යාලයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසන් අක්ෂි සායනයට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ඇස් පෙනීමේ දුර්වලතා ඇති පාසල් දරුවන්ට නොමිලේ ඇස් කන්නාඩි ලබාදීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්ෂි කඳවුරු 12ක් පවත්වා ඒමගින් මේ බව අනාවරණය වූ බව ඇය කීවා ය.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් හරහා පාසල් දරුවන් සම්බන්ධ කර මූලීක හදුනා ගැනීම් සිදු කර ඇති අතර එම සායන මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වෛද්‍ය කුෂාණි ගුණරත්න මහත්මිය සඳහන් කළේ.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම මෙවැනි අක්ෂි කඳවුරු පවත්වන අතර ඒ අතරින් 60% ක් තරම් වූ වැඩිම ඇස් පෙනීමේ දුරවලතා සිසුන් සිටින දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය පත්වීම විශේෂත්වයකි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

