අරගලය ඉවර වුනා, කතානායකගේ මතකය නැති වුණා – ලක්ෂ්මන් කිරිඇල්ල
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝප් හා කෝපා කමිටුවල මුල් පුටු විපක්ෂයට දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදීඅද( 22) ඉල්ලීමක් කළේය.
මෙම කමිටු දෙකේ මුල් පුටු විපක්ෂයට දෙන බව අරගල සමයේදී කතානායකවරයා ලිඛිතව පොරොන්දුවක් දුන් බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අරගලය අවසන්වූ පසු ඔහු එය අමතක කර දැමූ බවද ප්‍රකාශ කළේය. කතානායකවරයා මේ පොරොන්දුව දුන්නේ මේ සභාවේදී බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

