Latestදේශීය

මල්වානේ නිවසට හදිසියේම විජේදාස ගියේ ඇයි?

බැසිල් රාජපක්ෂට අයත්ව තිබූ බවට කරුණු හෙළිවී තිබූ මාල්වානේ බංගලාවට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හදිසියේ ගියේ කුමන කාරණයක් නිසා දැයි මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බලවත් සාකච්ඡාවක් හට ගෙන තිබේ.

එම දේපළ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කර නිදහස් කරනු ලැබීය. එම තීන්දුව පිළිබඳව දැඩි සංවාදයක් පැවති අතර අධිකරණය ඉදිරියේ හෙළිවූ සාක්ෂි පිළිබඳව ද විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී තිබිණි. ඒ අතර කිසියම් පිරිසක් විසින් එය ගිනි තබා හානිකරනු ලැබීය.

එම ගිනි තැබීම පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් තිබෙන අතර කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව අධිකරණ ඇමති එහි සංචාරය කිරීමේ සැබෑ අරමුණ කුමක් දැයි දැඩි විමසිල්ලක් පවතී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විනාශවීමෙන් සිදුවූ පරිසර හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වන්දි ලබා ගැනීම වැළැක්වීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් දීමක් සිදුකර ඇති බව ප්‍රකාශ කළ අධිකරණ ඇමතිවරයා මෙවැනි දේපළ පිළිබඳව උනන්දු වන්නේ කුමක් නිසා දැයි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *