Latestදේශීය

වැල්ලවත්තේ වෙඩිතැබීමක්

වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් අසලට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි වාර්තා වේ.අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.මේ අතර පැරණි ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පිරිසක් විසින් තරුණයෙකුට අතින් පයින් සහ මුගුරුවලින් පහරදී ඝාතනය කර තිබේ.හබරාදූව කහවැන්නගම, අම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (26) මෙම සිදුවීම වී ඇත. මියගිය පුද්ගලයා 21 හැවිරිදි මිහිරිපැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.සැකකරු කහවැන්නගම, තල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

හබරාදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *