Latestදේශීය

මෙම වසරේ ජල ගාස්තු වැඩි වීමක් නැහැ – අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

“මෙම වසර තුළ අප ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැතැයි ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. යෝජිත ජල සූත්‍රය හඳුන්වාදීම ජනතාව පීඩාවට පත් නොකරන ආකාරයකට සිදු කරන බව ද හෙතෙම පැවසීය.මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මඟකට” යන මැයෙන් ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය,

“මෙම වසර තුළ අප ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. පසුගිය වසරේ අප හඳුන්වා දෙන බව ප්‍රකාශ කළ ජල ගාස්තු සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී පවතිනවා. නමුත් එම සකස් කරන ලද ජල සූත්‍රය පිළිබඳ අප තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සූත්‍රය මඟින් ජනතාවට අනවශ්‍ය බරක් පැටවීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

  • facebook sharing button Sharetwitter sharing button Tweetpinterest sharing button Pinemail sharing buttonsharethis sharing buttonmessenger sharing buttonlinkedin sharing button


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *