ඉන්දීය විදුලි ව්‍යාපෘති උතුරේ දූපත්වල
ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවකට එක් විය.
ඉන්දියාව සමග සැලසුම් කර ඇති විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, මෙගාවොට් 130ක සාම්පූර් විදුලිබල ව්‍යාපෘතිය, යාපනය දිස්ත්‍රික්කයේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත විද්‍යුත්කරණ ව්‍යාපෘතිය මෙන්ම ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක වන අනෙකුත් පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මෙන්ම එහි වත්මන් ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනිණ.
ඉන්දියානු විදුලිබල අමාත්‍යාංශය, ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරිය, ඉන්දියානු ජාතික තාප බලශක්ති සමාගම, පවර් ග්‍රිඩ් සමාගම නියෝජනය කරන ජේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉන්දියානු දූත පිරිස දින තුනක් මෙරට රැදී සිටිමින් දෙරට අතර විදුලිබල සහයෝගිතාවය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සඳහා සහභාගි වේ.
– Media unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

