Latestදේශීය

මත්ද්‍රව්‍ය අඩුවෙලත් නැහැ, පාතාලය මර්ධනය කරලත් නැහැ, ඒත් යුක්තිය ක්‍රියාත්මකයිලු – චම්පික රණවක

බන්ධනාගාරවල නිකම් මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවත් රණවක මහතා පෙන්වා දෙයි.

බන්ධනාගාර නිලධාරීන් ද ගැටළු රැසකට මුහුණ දුන් බව ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දුන්නේ, ඊයේ (23) කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

“අපි අද දිනයේ කොළඹ ප්‍රධාන බන්ධනාගාරයේත්, ඒ වගේම මැගසින් බන්ධනාගාරයෙත් රිමාන්ඩ් රැඳවියන් පරික්ෂා කිරීමට ගියා. ඉතාම කණගාටුදායක තත්ත්වය ඇතුළේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් දාහකට පමණ ඉඩ තියෙන තැන පන්දාහකට අධික පිරිසක් රිමාන්ඩ් ගත වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් මේ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත්ත අය.

සමහර අය අවුරුද්දකටත් වැඩි කාලයක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ වාර්තා නිකුත් වෙලා නෑ. ර පරීක්ෂක වාර්තා, ඒ වගේම නඩු පමාවීම ආදිය නිසා එහෙම කොටු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඇප ලැබුනත් ඇප ගෙවා ගන්න බැරුව පිරිසකුත් ඉන්නවා. ඉතින් මං හිතන්නේ මේ ඇතුලේ තත්ත්වය ඉතාමත්ම නරකයි. මටත් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා මෙතන.

ඉතින් ඒක නිසා අපි බොහොම පැහැදිලිව රජයෙන් ඉල්ලා සිටිනවා මේ නිකන් මිනිස්සු ගාල් කරන්නේ නැතුව වැරදි වලට විධිමත් ආකාරයට මේ මත්ද්‍රව්‍ය වැඩපිළිවෙල පරාජය කරන්න ඕනෙ. එහෙම නැතුව අච්චර ගානක් අත්අඩංගුවට ගනියි, මෙච්චර ගාණක් අත්අඩංගුවට ගනියි කියලා කරලා මේකේ තේරුමක් නෑ. එහෙම මත්ද්‍රව්‍ය රටේ අඩු වෙලත් නෑ. පාතාල ලෝකේ මර්දනය වෙලත් නෑ. ඉතින් ඒක බව අපිට රට පුරා වෙඩි පත්තු වෙන එකෙන් අපිට පේනවා.

ඒ නිසා මේ සම්බන්ධයෙන් යම් විධිමත් ක්‍රියාමාර්ගයක් කරලා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අය පුනරුත්ථාපනය කරන්නත්, ඒ වගේම ඇප ලබාදීමේ ක්‍රියාවලිය සඳහා දැනටත් මේ නිලධාරීන්ටත් තියෙනවා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ වැටුප් ප්‍රශ්න, ඒ වගේම නවාතැන් ප්‍රශ්න, හිරකරුවන් දිනපතා ප්‍රවාහනය කරද්දි ප්‍රශ්න.

ඒ නිසා තාක්ෂණයත් පාවිච්චි කරලා ඒ සම්බන්ධයෙන් අලුත් ක්‍රියාමාර්ගයක් ගන්න අධිකරණ ඇමතිවරයා සහ රජය ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

@Midea unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *