හඩ්සන් රූපවාහිනියේ උදේ පුවත් කියවන්න පටන්ගනී
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහන සඳහා මැයි 01 සිට හඩ්සන් සමරසිංහ යොදාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව අනාවරණය වේ.
ඔහු මේ වනවිට ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරයද හොබවමින් සිටින අතර මෙම වැඩසටහන සඳහා විශේෂයෙන් යොදාගැනීමට සැලසුම් කර තිබේ. මුලදී දැඩි රණසිංහ ප්‍රේමදාස වාදියෙකු වූ ඔහු පසුව ඊටත් වඩා රාජපක්ෂ වාදියෙකු ලෙස ක්‍රියා කරමින් මාධ්‍ය ආචාරධර්ම සියල්ල ඉවත් දමා ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවීය.
ඒ ආකාරයෙන් ජාතික රූපවාහිනියේ පුවත්පත් කියවීමත් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් වඩා පුළුල් ලෙස යොදා ගැනීමට ඉඩ ඇතැයි අනුමාන කෙරේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

