නැවතත් මැතිවරණ ව්‍යාකූලත්වය රට හමුවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම වසරේ ඔක්තෝබර් 17 වෙනි දිනට පෙර ජනාධිපතිවරණය පවත්වා නිම කළ යුතු වුව ද, ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ දැයි යළිත් වරක් සංවාදය කරලියට ගෙනවිත් තිබේ.
සති අන්තයේ සිංහල පුවත්පත් කිහිපයකින් මෙම සංවාදය යළි මතුකර ඇත. ජූලි මාසය නිමාවීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ යැයි එක් ප්‍රවෘත්තියක සඳහන් ය. එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි ජූනි මාසය අවසානයේදී තීරණය කරන බව තවත් ප්‍රවෘත්තියක සඳහන් කර තිබේ.
මේ ආකාරයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ජාතික මැතිවරණ දෙකෙන් කුමන මැතිවරණය කලින් පවත්වන්නේ දැයි නැවත වරක් සංවාදය අලුත් කර තිබේ.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ ගැඹුර සළකා බලමින් සහ ආර්ථිකය පිළිබඳව සළකා බලමින් කුමන මැතිවරණය මුලින් පවත්වන්නේ දැයි රනිල් වික්‍රමසිංහ ඉදිරි සති කීපය තුළ තීරණය කරනු ඇති බවට තවත් මාධ්‍ය වාර්තාවක දැක්වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

