Latestවිදේශීය

මහා වැසි හේතුවෙන් කෙන්යාවේ 100කට අධික පිරිසක් මියයයි

දින ගණනාවක් පුරා නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කෙන්යාවේ දකුණු ප්‍රදේශයේ වේල්ලක් කැඩීයාම හේතුවෙන් 40කට අධික පිරිසක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා. ඊයේ (29) මෙම වේල්ල බිඳීයාම හේතුවෙන් දහස් ගණනක් අවතැන් වූ අතර මේ වනවිට දරුවන් 17දෙනෙක් මියගොස් ඇති බව වාර්ථා වනවා.

වේල්ල කැඩීයාම හේතුවෙන් පැමිණි මහා ජලකඳට හසුවී අතුරුදන් වූ අය සොයා දිවි ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් දියත් වෙමින් පවතිනවා.

අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වය වැඩිපුර බලපානු ලැබුවේ කෙන්යාවේ මායි මහියු නමැති ප්‍රදේශයටයි.

තවද මේ වනවිට මෙම ආපදා තත්ත්වය හේතුවෙන් කෙන්යානු වැසියන් 100කට අධික පිරිසක් මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *