Latestදේශීය

වතු කම්කරුවන් තේවතු හිමියන් කරනවා – සජිත් ප්‍රේමදාස

(රංජිත් රාජපක්ෂ)

වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමට තම රජයක් තුලින් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලිය (01) දින තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති අවස්තාවේදි රැලිය අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් පමණක් නොවන ඔවුන්ගේ භාෂාව , ආර්ථික තත්ත්වය ඉහල දැමිමට කටයුතු කරන බවයි.

තේ වතු ආශ්‍රිත මුඩු ඉඩම් වතු කම්කරුවන් අතර බෙදා දිමට කටයුතු කරන බවත්, උඩරට සහ පහතරට වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමට කටයුතු කරන බවයි.

ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා විසින් මෙම මැයි දින රැලිය සංවිධානය කර තිබු අතර , මෙම මැයි රැලියට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය.

එම මැයි දින රැලියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක එම්.උදයකුමාර් මහතාද සහභාගි විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *