Latestදේශීය

පාසැල් නිවාඩුව අදසිට

2024 වසරේ පළමු පාසල් වාරය අද (03) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2024 දෙවන පාසල් වාරය මැයි මස 20 ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2023/2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙණී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් එම ප්‍රවේශ පත්‍ර ලබාදී තිබෙ.

පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශ පත්‍ර යොමුකර ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.

යම් විභාග අපේක්ෂකයෙකුට මෙතෙක් ප්‍රවේශ පත්‍ර නොලැබී හෝ ප්‍රවේශ පත්‍ර වල හා විභාග කාල සටහනේ යම් ගැටලුවක් ඇත්නම් 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ 0112784208 හෝ 0112784537 දුරකථන අංක ඇමැතිය හැකිය.

සාමාන්‍ය පෙළ විභාගය ලබන අඟහරුවාදා (06) ආරම්භ කිරීමට නියමිත අතර 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙයි.

මෙවර අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නමසිය හැත්තෑ නමයක් පෙනි සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

(නාගොඩ සුමන උදයන්ත)

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *