යාපනය ගුවන්තොටුපොල සංවර්ධනය ඉන්දියාවට
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කර ඇතිබව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී .එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ආයෝජකයින්ගෙන් අභිලාශ මේවන විට කැදවා තිබේ.
එහිදී එක් අභිලාශ යෝජනාවක් පමණක් ලැබී තිබේ.
ඒ හේතුවෙන් යාපනය ගුවන්තොටුපොළ ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට තීරණය කළ බව පැවසීය.
ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා යෝජනා සකස් කිරීමට නියමිතයි.
මේ අතර ලබන ජූලි මාසයේ සිට එයාර් ඉන්ඩිගෝ ගුවන් සමාගම, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ වන විට යාපනය ගුවන් තොටුපොළේ මෙහෙයුම් එයාර් එලයින්ස් ගුවන් සමාගම විසින් පමණක් සිදුකරයි.
එයාර් එලයින්ස් ගුවන් සමාගම දෛනිකව කොළඹ සහ චෙන්නායි අතර එක් ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කරයි.
නව ගුවන් සමාගම විසින් ද කොළඹ හා චෙන්නායි අතර ගුවන් ගමන් වාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.
(නාගොඩ සුමන උදයන්ත)
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

