උග්‍ර ආර්ථික අර්බුදය නිසා වසරකට කිරිකැටියන් 1700කට වැදූ මව අහිමිවෙයි
පවතින අන්ත පීඩාකාරී ආර්ථික ප්‍රශ්න ප්‍රමුඛ වී කිරිකැටි බිළිඳුන් 1,700ක් පමණ වසරකදී නීත්‍යානුකූලව වෙනත් මාපියන්ගේ බාරයට පත් කෙරෙන බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධ සිවිල් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ටාර් ජෙනරාල් නීතිඥ ලක්ෂිකා ගනේපොල මෙම තොරතුරු මාධ්‍යයට හෙළිකර ඇත. මෙසේ වෙනත් මාපියන් බාරයට පත් කෙරෙන දරුවන් අතරින් සැලකිය යුතු පිරිසක් විදේශිකයන් විසින් නීත්‍යානුකූලව ලබා ගෙන ඇති බවට හෙළිකර තිබේ.
ආර්ථික ප්‍රශ්න මූලික කර ගෙන අඹු සැමියන් අතර අසමගිය සහ වෙනත් සමාජීය හා සංස්කෘතික ගැටළු නිසා මෙම දරුවන් අන්සතු කර ඇති බව වැඩි දුරටත් පෙන්වා දී ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

