Latestදේශීය

ගුවන්තොටුපල සිදුවීම පිළිබදව ප්‍රශ්ණ කිරීමට සදරු පොලීසියට කැදවයි

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නීතීඥ සදරු කුමාරසිංහ මහතා ඊයේ (06)  ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැදවා තිබුණි .

ඔහු නීතීඥවරුන් පිරිසක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබු අතර   ප්‍රකාශ ලබා දීමෙන් පැයයි  විනාඩි 40 කට පසු  ඔහු එම ස්ථානයෙන් එළියට පැමිණ තිබිණි. 

එම අවස්ථාවේදී  නීතීඥ සදරු කුමාරසිංහ මහතා මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කරමින්  පැවසූයේ තමන් එදා තම රුසියානු ජාතික පෙම්වතිය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවත් , තමන් සහ ඇය එහි තිබූ දිගු පෝලිම් වල රැදී සිටීමට සිදු වීම නිසා , තමන් එසේ අදහස් ප්‍රකාශ කළ බවත්ය .

තමන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සුහදශීලී ලෙස ප්‍රශ්න කිරීම සිදු කර ප්‍රකාශය සටහන් කර ගත් යළි පැමිණීම පිළිබඳ අවශ්‍ය නොවන බව  පැවසූ බවද ඔහු සඳහන් කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *